ප්‍රමුඛ පුවත 1

ජාතික විගණන පනතට කථානායකවරයා අත්සන් තබයි

(UTV| කොළඹ) – පසුගිය 05 දා පාර්ලිමේන්තුවේදී සම්මත වු ජාතික විගණන පනතට අද (17)පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා සිය අත්සන යොදා ඇත.

ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වු ජාතික විගණන පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා අද (17) අත්සන් තැබීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂ පරික්ෂාවකින් පසුව ජාතික විගණන පනත මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට ඊයේ (16) දිනයේ යැවු බවද එම ආරංචි මාර්ග කියයි.

ජාතික විගණන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමටත් විගණන කාර්යාලයක් පිහිටුවීමටත් ජාතික විගණන පනත් කෙටුම්පතෙන් විධිවිධාන සලසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment