ප්‍රමුඛ පුවත 1

2025 වන විට අධ්‍යාපනයට අය-වැයෙන් වෙන් කරන මුදල සියයට 6ක් දක්වා ඉහළට

(UTV| කොළඹ) – වසර 2025 වන විට අධ්‍යාපනය සඳහා අය-වැයෙන් වෙන් කරන මුදල සියයට 6ක් දක්වා ඉහළ නංවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව රජය බාර ගන්නා විට වසර 2015 දී අධ්‍යාපනයට අය-වැයෙන් වෙන් කළේ සියයට 1.46ක් බවත් එම ප්‍රතිශතය වත්මන් ආණ්ඩුව බලයට පත් වූ විට සියයට 3.5ක් දක්වා ඉහළ නැංවූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මුල් ළමාවිය සංවර්ධනයේ දී දරුවන්ට ලබාදෙන අධ්‍යාපනයේ සාර්ථකභාවය මඟින් රටේ සංවර්ධනය තීරණය කරන බවත් ඒ කරුණ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපනයට වෙන් කරන මුදල් වාර්ෂිකව ඉහළ නැංවීමට යහපාලන ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

‘ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ රැස්වීමක්’ යන මැයෙන් යුනිසෙෆ් ආයතනය සංවිධායකත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති වැඩසටහනට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (16) ප්‍රකාශ කළේය.

මෙරට ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම රජයේ අරමුණ බවත් මහා පරිමාණයේ ව්‍යාපාර කරන්නන් පමණක් නොව, සුළු ව්‍යාපාර කරන පුද්ගලයන්ට ද ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමට සහන සැලසීම කරන බවත් ඇමැතිවරයා මතක් කළේය.

රටේ පුද්ගලයන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ දී ප්‍රජාවගේ අධ්‍යාපනය විශේෂ වැදගත්කමක් දරන්නේ යැයි ද, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යන කාරණාවේ දී කාන්තාවගේ අධ්‍යාපනය ද සැලකිල්ලට ගැනෙන්නේ යැයි ද ඇමැතිවරයා කීය.
උපතේ සිට අවුරුදු පහක් දක්වා දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා ආයෝජනය කිරීම මඟින් දරුවන්ට ඔවුන්ගේ පූර්ණ ඥාන ශක්තිය සහ හැකියාව ලැබෙන අතර එය අනාගත ආර්ථික වර්ධනය සඳහා ඉවහල් වන වඩාත්ම ඵලදායී කාරණයක් වන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

මේ අවස්ථාවට රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු දේශපාලන බල මණ්ඩලයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. රුවන්චන්ද්‍ර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානව සංවර්ධන මහාචාර්ය එඩ්වඩ් මැල්හූෂ් මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති ධුරයෙන් ඉවත් කල බවට ජනපති රනිල්ට ලියයි

Mohamed Dilsad

අධ්‍යාපනය ඇමතිට ජාත්‍යන්තර සම්මානයක්

Mohamed Dilsad

පිටකොටුවේ වෙළදසැළක හටගත් ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment