ක්‍රීඩා

19න් පහළ ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය ඇරඹේ

(UTV| කොළඹ) – සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා තරුණ එක්දින ක්‍රිකට් තරග පහක් ඇතුළත් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අද(17) සිට අගෝස්තු මස 10 වැනිදා දක්වා පැවැත්වේ.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ඊයේ (16) කොළඹ දී පැවති අතර එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලැබී ඇති නිපුන් ධනංජයටයි.

“අපේ කණ්ඩායම ඉතාමත් සමබර කණ්ඩායමක් නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මධුශ්ක වගේ ක්‍රීඩකයින් පිතිකරුවන් ලෙස අපේ කණ්ඩායමට ඉතාමත් වැදගත් වේවි. ඒ වගේම කලණ පෙරේරා, නිපුන් මාලිංග හා කල්හාර සේනාරත්න යන ක්‍රීඩකයින් පන්දු යවන අංශයෙන් යම් වැඩි දෙයක් කරයි කියලා මම හිතනවා.” යැයි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වන නිපුන් දනංජය පැවසීය.

ධනංජයට අමතරව කඩුලු රකින පිතිකරුවෙක් වන නිශාන් මධුෂ්ක ද මේ සංචිතයට ඇතුලත් කර ඇති අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක කලණ පෙරේරා ද මේ සංචිතයට අන්තර්ගතව සිටී. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කමිඳු මෙන්ඩිස්ගේ සොහොයුරා වන සඳුන් මෙන්ඩිස් ද මෙම ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීම සුවිශේෂී වේ.

හැම පළාතම නියෝජනය වෙන්න මේ කණ්ඩායම තෝරලා තියෙනවා. මේ අතර අනාගත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ඉන්න පුළුවන්. පහුගිය දවස වල අපේ කණ්ඩායම් හොඳට පුහුණුවීම් කළා. මීළඟට තියෙන ලෝක කුසලානය හා ආසියානු කුසලානය අපිට තියෙන ප්‍රධාන ක්‍රිකට් තරගාවලි. “ යැයි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන හේමන්ත දේවප්‍රිය මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හෂාන් තිලකරත්න හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන හේමන්ත දේවප්‍රිය විසින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ තරගාවලිය සඳහා පුහුණුකර ඇත.

මේ වසරේ පෙබරවාරි මාසයේ දී නවසීලන්තයේ පැවති ලෝක කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ලෝක ශූරයින් වූ ඉන්දීය කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ අනුජ් රාවට් විසිනි. ඔහු ඉන්දියාවේ පැවැත්වෙන දේශීය මට්ටමේ ක්‍රිකට් තරගාවලි වන රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය වැනි ඉහළ මට්ටමේ දේශීය ක්‍රිකට් තරගාවලි නියෝජන කළ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු තරගාවලිය පිළිබඳ සිය අදහස් මෙසේ පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කුමාර් සංගක්කාරට විශේෂ විමර්ශන ඒකකයෙන් කැඳවීමක්

Mohamed Dilsad

මහේල LPL තරඟාවලිය ගැන කතා කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි…

Mohamed Dilsad

Leave a Comment