විදෙස්

බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කෙරේ

(උදයම්,බ්‍රසීලය) – උතුරු බ්‍රසීලයේ රොරයිමා හී බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිරගත කර සිටින මැර කණ්ඩායමක් මෙම ඝාතනය පිටුපස සිටින බව එරට අධිකරණ අමාත්‍යංශ ලේකම් උසියෙල් කැස්ත්‍රෝ පවසයි.
සිර මැදිරි වල අගුලු කඩා එළියට පැමිණ ඇති සිරකරුවන් බන්ධනාගාරය අත්පත් කරගෙන ඇත. මේ වන විට සිදුවීම සමථයකට පත් කර ඇති අතර එරට හමුදා විශේෂ බලකාය බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා තිබේ.

මීට දින කිහිපයකට පෙර ද බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවෝ 56 දෙනෙක් ඝාතනයට ලක් වූහ.

Related posts

මගීන් 141 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගිනි ගනී (වීඩියෝ)

Mohamed Dilsad

හජ් වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුමෙන් ජීවිතක්ෂයට

Editor O

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා වැළදේ

Mohamed Dilsad

Leave a Comment