ප්‍රමුඛ පුවත 1

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ වැඩ ජනපති අතින් අද ඇරඹේ

(UTV|පොළොන්නරුව) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද  (21) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරයි.

වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි.

උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිර සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය.

එමෙන්ම රෝගී ඇදන් 200 කින් සමන්විත වාට්ටු සංකීර්ණය, රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර 100 කින් සමන්විත බාහිර රෝගි ප‍්‍රතිකාර ඒකකය, බාහිර රෝගි හා විශේෂිත වෘක්ක රෝගී සායන සංකීර්ණය හා වෘක්ක බද්ධ කිරීමේ සේවාව සඳහා අවශ්‍ය නවීන ශල්‍යාගාර 6 ක් මීට ඇතුළත්ය.

ආසන 200 කින් සමන්විත නවීන ශ‍්‍රවණාගාරයක් සහ වාහන 300 ක් ගාල් කළ හැකි රථ ගාලක් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් ඇතුළු පහසුකම්වලින් ද යුක්තය.

මාස 24 ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2020 ජූලි මාසයේදී ව්‍යාපෘතියේ කටයුතු නිමවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපොස සාමාන්‍ය පෙළ දෙසැම්බර් 2 වනදා සිට [VIDEO]

Mohamed Dilsad

පියල් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

Mohamed Dilsad

ජනපති, ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment