ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු අන්තර්ජාල බිහි දොර ජනතා අයිතියට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු අන්තර්ජාල බිහි දොර ජනතා අයිතියට මුදා හැරේ.

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු අන්තර්ජාල බිහි දොර ජනතා අයිතියට මුදා හැරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කිංග්ස්බරි හෝටලයේ දී ඊයේ (20) පැවැත්විණි.

ආනයන, අපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි, සම්බන්ධයෙන් එකම ස්ථානයකින් තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. රාජ්‍ය, පෞද්ගලික, ජාත්‍යන්තර, සංවිධාන සමග සමීප සම්බන්ධීකරණයක් ඇති කරමින් තිරසාර බව සුරක්ෂිත කරමින් දියත් කෙරෙණ මෙම වැඩපිළිවෙලේ ප්‍රමුඛතම කාර්යය සිදු කරන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති වාණිජ දෙපාර්තමේන්තුවෙනි. ඒ අනුව වෙළෙඳ කටයුතුවලදී භාවිතා කෙරෙන, නීති රීති, පරිපාලන, මගපෙන්වීමේ සටහන්, ආකෘති, බලපත්‍ර අවසර පත්‍ර වැනි ක්‍රියාපටිපාටි මෙන්ම අදාළ ගාස්තු පිළිබඳ තොරතුරු, සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ත්වයෙන් ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පවතින පසුබිම වඩාත් හිතකර කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ උපදෙස් මත දියත් කෙරෙණ මෙම වැඩසටහන සඳහා වාණිජ දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව සහ ඕස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය යන ආයතන සමගාමී දායකත්වය ලබා දෙයි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී. රංජිත් අශෝක, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සොනාලි විජේරත්න, යන මහත්ම මහත්මීන්, ලෝක බැංකු නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

https://srilankatradeportal.com/ යන වෙබ් ලිපිනයෙන් වෙළෙඳ තොරතුරු අන්තර්ජාල බිහි දොර වෙත පිවිසිය හැකියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද දිවුරුම් දුන් අමාත්‍යාංශ ලේකම්වරු

Mohamed Dilsad

ලබන වසරේ සිට ව්‍යාපාර ලියාපදිංචි කිරීම online ක්‍රමයට

Mohamed Dilsad

රම්බා වෛරසය ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment