ප්‍රමුඛ පුවත 1

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වවුනියාවෙන් ඇසෙන සංවේදී කතාව

(උදයම්,කොළඹ ) – 2016 වසරේ උසස් පෙළ ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණි.
අද උදෑසන නිකුත් වූ උසස්පෙළ ප්‍රතිඵල වලට අනුව ඇය වව්නියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇත්තේ සත්‍යනාදන් ශිවදුර්ගා නම් මෙම සිසුවියයි.

නමුත් මෙම සුභ ආරංච්ය ලැබෙන විට සත්‍යනාදන් දැරිය මෙලොවින් සමුගෙන මාස හතරකට ආසන්න කාලයක් ගත වී ඇති බව අපට අසන්නට ලැබුණි.

ඇය මියගොස් ඇත්තේ කුරුණෑගල මහව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකිනි.

ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ වව්නියාව රම්බෙයිකුලම් කාන්තා විද්‍යාලයේය.

ඔක්තෝබර් මාසයේ 11වනදා සිදුවූ මෙම රිය අනතුරින් ඇයගේ ඥාති වෛද්‍යවරියක් සහ තවත් අයෙක් මියගියහ.

Related posts

කොරෝනා රෝගීන් ගණන 65 වෙයි

Mohamed Dilsad

ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්

Mohamed Dilsad

දෙමළ දේශපාලන පක්ෂ අවසන් තීරණය අනිද්දා

Mohamed Dilsad

Leave a Comment