(UTV| කොළඹ) – ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
ඒ, කි‍්‍රකට් නිලවරණය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග කළ විමසීමකින් අනතුරුව කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අතරය.
අමාත්‍යවරයාට කි‍්‍රකට් ආයතනයේ කටයුතු නිසි බලධාරියෙකු යටතට පැවරීමකින් තොරව ඒ සඳහා අතුරු කමිටුවත් පත් කරන ලෙස ප‍්‍රකාශ කර තිබුණි.
මේ පිළිබඳව ඊයේ(24) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇති අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් නීතිපතිවරයාගේ නියමයන්ට අනුව කටයුතු කරන බවයි.
මෙම කි‍්‍රකට් නිලවරණය සම්බන්ධයෙන් කි‍්‍රඩා අමාත්‍යවරයා නිසිලෙස කටයුතු කර නොමැති බවයි අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇත.
ඊට ප‍්‍රතිචාර දක්වමින් කී‍්‍රඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ද ජනාධිපති නීතිඥයෙක් බවත් තමන්ද නීතිය හරි හැටි දන්නා බවත් කි‍්‍රකට් නිලවරණය නීතියට අනුව සිදු කරන බවයි. ඒ සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද ඊට මැදිහත්ව තිබේ.
ජනාධීපතිවරයා එහිදී අර්ජුණ රණතුංග අමාත්‍යවරයා වෙත පවසා ඇත්තේ කී‍්‍රඩා අමාත්‍යංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවරී ඇති රාජකාරී නිසි ලෙස ඉටු කරන ලෙසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]