ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් නඩුව කල් යයි

(UTV| කොළඹ) – ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය කල් දමයි.

ඒ සැප්තැම්බර් මස 12  වනදා දක්වාය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා රාජකාරි අවශ්‍යතාවයකට විදේශගත වී ඇති හෙයින් නඩු විභාගය කල් තබන ලෙසයි.

ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස  12 වනදා දක්වා  කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

විත්තියේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින නිශ්ශංක යාපා සේනාධිපති හා පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට මීළඟ නඩු දිනය දක්වා විදේශගත වීමට සඳහා පනවා තිබූ තහනම ලිහිල් කිරීමටද නියම කළේය.

ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කර ගැනීම සඳහා රක්නා ලංකා සමාගමේ සභාපති වරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සම්බන්ධයෙන්  ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති මෙම නඩුවේ චෝදනා එල්ල කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය සේවකයින් අඛණ්ඩ වර්ජනයකට යයිද?

Mohamed Dilsad

ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ රථ වාහන ධාවනයට සීමා

Mohamed Dilsad

Leave a Comment