විදෙස්

පාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් පෙරමු‍ණට

(UTV|පාකිස්ථානය) – පකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ නායකත්වය දරන පකිස්ථානTehreek-i-Insaf  පක්ෂය පෙරමුණේ පසුවන බව මැතිවරණ ප්‍රතිඵල අනාවරණය කරයි.

මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල අනුව Tehreek-i-Insaf පක්ෂය ජාතික මන්ත්‍රණ සභා ආසන 112 ක් ජයග්‍රහණය කර ඇති අතර ඊට සාපේක්ෂව පකිස්ථාන මුස්ලිම් ලීගය දිනා ඇත්තේ මන්ත්‍රණ සභා ආසන 65 කි.

මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි වූ මිලියන 106 කට ආසන්න ඡන්ද දායකයන්ගෙන් 50% – 55% ත් අතර පිරිසක් පමණක් ඡන්දය භාවිත කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර පකිස්ථාන මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය ද වංචා සහ ප්‍රචණ්ඩත්වයේ අඳුරු සෙවනැල්ලෙන් වැසී ගොස් තිබූ අතර ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට ඇතැම් පිරිස් ප්‍රභල ප්‍රයත්න දැරූ බව පකිස්ථාන මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ඉරාකයේ ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් කොවිඩ් රෝගීන් පිරිසක් මරුට

Mohamed Dilsad

Leave a Comment