විදෙස්

කාම්බෝජයේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට විශිෂ්ට ජයක්

(UTV|කාම්බෝජය) – කාම්බෝජයේ පැවති මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වෙයි.

ඒ අනුව වත්මන් අගමැති හොන් සෙන් තවදුරටත් එරට අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. ඔහු නායකත්වය දෙන කාම්බෝජයේ මහජන පක්ෂය පවසන්නේ 80%ක බහුතර බලයක් දිනා ගැනීමට තම පක්ෂයට හැකි වී ඇති බවයි.

ආසන 125න් සියයක බලය හිමිව ඇත්තේ ද අගමැතිවරයාගේ පක්ෂයටයි. 1985 වසරේ සිට හොන් සෙන් කාම්බෝජයේ අග‍්‍රාමාත්‍ය ධුරය හොබවයි.

කෙසේ වෙතත් මෙම මැතිවරණ ප‍්‍රතිඵලවල විශ්වාසවන්ත භාවය පිළිබඳ අමෙරිකාව සහ යුරෝපා සංගමය ප‍්‍රශ්න කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ප්‍රකට ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල් දමයි

Mohamed Dilsad

ජපානයේ සියලු වැසියන්ටම කොරෝනා එන්නත නොමිලේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියනු සෞඛ්‍ය ඇමතිනිය ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment