විදෙස්

කිම් ජෝන් නෑම් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

(උදයම්,මලයාසියාව)  – උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන් අන්ගේ ඥාති සහෝදරයකු මැලේසියාවේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ උතුරු කොරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනේ.
මලයාසියාවේදී ඔහු අත්අඩංගුවට ගත් බව මලයාසියානු පොලිසිය පවසයි.
46 හැවිරිදි මෙම සැකකරු රී ජෝන්ග් චෝල් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කිම් ජෝන් නෑම් බොහෝ කාලයක් රටින් බැහැරව ජීවත්වී ඇති අතර ජනාධිපතිවරයාගේ මෙන්ම පවුලේ කටයුතු දැඩිව විවේචනය කල අයෙක් ලෙසට සැලකේ.
වයස අවුරුදු 40 ක් පමණ වන කිම් ජෝන් නෑම් මැලේසියාවේදී ඝාතනයට ලක්වී ඇත්තේ ක්වාලාලාම්පුර් නුවර ගුවන්තොටුපලේ සිටියදීය.
ඔහුට ගුවන්තොටුපලේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් විෂ සහිත පානයක් ලබාදී ඇතැයි මුලික විමර්ශණවලදී හෙළිවිය.ඒ අනුව එම කාන්තාවන් දෙදෙනාද පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

කොරෝනා හමුවේ ජපානයේ අපනයන පහළට

Mohamed Dilsad

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන් අද ඇරඹේ

Mohamed Dilsad

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල්දැමීමේ යෝජනාවට අනුමැතිය හිමිවේ.

Mohamed Dilsad

Leave a Comment