(UTV|පොළොන්නරුව) – පසුගිය කාලය තුළ දිවයිනේ පළාත් කිහිපයකට පමණක් සීමා වූ සංවර්ධනය හේතුවෙන් ඇතිවූ සංවර්ධනයේ විෂමතාවය දුරලමින් සමබර සංවර්ධනයක් රටටම ලබාදීමට පුළුල් වැඩපිළිවෙළක් අරඹන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ නිමකළ සංවර්ධන වැඩසටහන් 180 ක් ජනතා අයිතියට පවරාදීමේ ඓතිහාසික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (01) පෙරවරුවේ එක් වෙමිනි.
පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු කි‍්‍රයාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6,000 කි. එය පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය උදෙසා මේ දක්වා රජයක් වෙන් කර ඇති දැවැන්තම මුදල වේ. එමගින් දිස්ත‍්‍රික්කය පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්පූර්ණ කර ජනගත කර ඇති අතර 2015 – 2018 දක්වා විවෘත කළ ව්‍යාපෘති සිය ගණනකට වැඩි ප‍්‍රමාණයකට අමතරව තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් මෙලෙස ජනතා අයිතියට පවරාදීම සිදුවෙයි.
ඒ යටතේ හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ඇළහැර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩ අවසන් කළ ආගමික, අධ්‍යාපන, සෞඛ්‍ය සහ වෙනත් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පවරාදීමට නියමිතය. ඒ යටතේ නව සංවර්ධන ව්‍යාපෘති 60 ක් ජනගත කිරීම මැති ඇමතිවරුන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් සිදු වෙයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]