ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් රසල්ව ගෙදර යවයි – රසල්ගෙනුත් ප්‍රතිචාරයක්(වීඩියෝ)

(UTV| කොළඹ) – එල්.පී.එල්. හෙවත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වීමට නොහැකි වීම:හේතුවෙන් එහි අධ්‍යක්‍ෂකවරයා ලෙස පත් කර සිටි හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩක,ජත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ්ව අදාළ තනතුරින් තාවකාලිකව ඉවත්කර ඇතැයි ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

තිලංග සුමතිපාල ක්‍රිකට්‌ පරිපාලනය විසුරුවා හැරීම සහ ක්‍රිකට්‌ නිලවරණය පැවැත්වීමට නොහැකි වීම මත එල්.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස තරගාවලිය පැවැත්වීමට නොහැකි විය.

මේ අනූව දේශීය විස්‌සයි -20 තරගාවලියක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මීට ඉහත රසල් ආනල්ඩ් පවසා සිටියේ, “අධ්‍යක්‍ෂකවරයා ලෙස මට පැවරුණ රාජකාරිය මම කළා. නමුත් තරගාවලිය පවත්වන්නෙ නැති නිසා ආයිත් මුල ඉදලම පටන් ගන්න වේවි. විදෙස්‌ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක්‌ සමග මම සාකච්ඡා කළා. ඔවුන් හරි කැමැත්තෙන් හිටියේ එල්.පී.එල්. තරගාවලියට එන්න. අපේ තරගාවලිය පවත්වන්න හිටපු කාලයේ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියත් පවත්වන්න තිබුණා. එහෙත් කොදෙව් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ම ලංකාවට එන්න කැමැති වෙලා හිටියේ.” යනුවෙනි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවට ලබන 21 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්‌වා පළාත් හතරකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තීරණය කර තිබේ.

එම තරගාවලිය සදහා මිලියන 75 ක වියදම් ඇස්‌තමේන්තුවක්‌ද ඉදිරිපත් කර ඇත.

අදාළ තරගාවලිය වෙනුවෙන් කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර කණ්‌ඩායම් තරග වදින අතර කොළඹ ආර්.ප්‍රේමදාස, පල්ලකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගණවල දිවා සහ දිවා/රාත්‍රී වශයෙන් තරග පැවැත්වීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

සත්කාරක එංගලන්තය සහ බංග්ලාදේශය අද තරග බිමට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

Mohamed Dilsad

Leave a Comment