ප්‍රමුඛ පුවත 1

විපක්‍ෂ නායක ගැන තීන්දුව අද

(UTV| කොළඹ) – විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව අද (06) පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත පැවසුවේ විපක්ෂ නායක ධුරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධනගේ සහ කුමාර වෙල්ගමගේ නම් යෝජනා කළ ලිපි දෙකක් තමන්ට ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට කථානායකවරයා හෙට (07) දිනයේ කටයුතු නොකළහොත් පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව විරෝධතාවයේ නිරතවන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රතුපස්වල සිද්ධිය සම්බන්ධ නඩුවට නීතිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Mohamed Dilsad

නිල්වලා පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

HNDA සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල අවට තදබදයක්..

Mohamed Dilsad

Leave a Comment