ප්‍රමුඛ පුවත 1

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් දක්වා කල් තැබෙයි

(UTV| කොළඹ) – 2009 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දා සිට 2014 දෙසැම්බර් මස 31 අතර කාලය තුළ අමාත්‍යවරයකු ලෙසට කටයුතු කළ අවධියේ විමල් වීරවංශ මහතා සිය ආදායමෙන් උපයා ගත නොහැකි මුදල් සහ දේපළ උපයා ඇති බවට චෝදනා කරමීන් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව ගොනු කළ නඩුවක් නොවැම්බර් මස 02 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කළා.

එම වසර හයක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 පමණ වටිනා මුදල් සහ දේපළ අයථා ආකාරයට උපයා ඇතැයි පවසමින් එම කොමිෂන් සභාව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවට අදාළව පැමිණිලි පාර්ශ්වය විසින් ලබා දී ඇති පරිගණක සාක්ෂි සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබද තීරණය කිරීමට වැඩිදුර කාලයක් අවශ්‍ය බව විමල් වීරවංශගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එ අනුව ඒ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දෙමීන් නඩුව නොවැම්බර් මස 02 වැනිදා දක්වා කල් තැබිමට තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන පාසල් වාරය අගෝස්තු 03 වනදායින් අවසන්

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

Mohamed Dilsad

හංසමාලිගේ 26 වැනි උපන්දින සැමරුමේ ඡයාරූප මෙන්න

Mohamed Dilsad

Leave a Comment