ප්‍රමුඛ පුවත 1

වාහනවලට පැනවූ විශේෂ බද්ද ඉක්මනින් ඉවතට

(UTV| කොළඹ) – අසීමිත ලෙස වාහන අලෙවිය හේතුවෙන් විදේශයන්ට මෙරටින් ඇදී යන මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා එන්ජින් ධාරිතාව දහසට අඩු වාහනවලට විශේෂ බද්දක් පැනවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

මෙය තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බව සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා   කියාසිටියේ.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා

“2015 වසරේ අපේ රජය බලයට පත්වෙලා අපි මේ මෝටර් රථ බදු ඉතාමත්ම අඩු තත්ත්වයකට පත් කළා. සාමාන්‍යයෙන් මෝටර් රථ 40000ක් හෝ ආසන්න ප්‍රමාණයක් තමයි වසරකදී ගේන්නේ.2015 වසරේ රටට වාහන 1 ලක්ෂ 40000ක් ගෙනවිත් තිබේ. මෝටර් රථ ගේනවා කියන්නේ විදේශ විනිමය රටෙන් එළියට යනවා කියන එකයි. දැන් මේ වසරේ මුල් කාර්තුවේ නැවතත් රටට දරා ගන්න බැරි තරමට මෝටර් රථ වෙනුවෙන් විදේශ විනිමය රටෙන් එළියට ගලා යන්න පටන් අරගෙන.

මේ අතිරේක බදු පනවනු ලැබුවේ රටෙන් එළියට අසීමිත ලෙස ගලා යන විදේශ විනිමය පාලනය කිරීමටයි. ඒ නිසා මේ කුඩා මෝටර් රථ මත පනවන අතිරේක බදු තාවකාලික පියවරක්. ඉක්මනින්ම මේ අතිරේක බද්ද රජය ඉවත් කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදු කූඩැල්ලන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

වැලිමඩ සිට කොළඹ මාර්ගය යළි විවෘත කරයි(ඡායාරූප)

Mohamed Dilsad

කෙතරම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත් “පළමුව ජනතාව”-ජනපති

Mohamed Dilsad

Leave a Comment