ප්‍රමුඛ පුවත 1

යාං ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරට

(UTV| කොළඹ) – චීන රජයේ සහයෙන් ඉදිවන යාං ඔය ජලාශයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවසී ය.

මේ වන විට ප්‍රධාන ඇල මාර්ග සකස් කිරීම සිදුවේ. නැවත පදිංචි කිරීම සදහා වන කාර්යයන් ද කාර්යක්ෂමව සිදුවෙමින් තිබේ. ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 150 කි. ශ්‍රී ලංකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරාලීම සදහා අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් කෙන්ද්‍ර කරගෙන මෙම ජලාශය ඉදිවේ.

ශ්‍රී ලංකාවේ පස්වන දිගම ගංගාව වන යාං ඔය සීගිරිය ප්‍රදේශයෙන් ආරම්භ වී හුරුළු වැව හරහා කිලෝ මිටර 90 පැමිණි තැන , වාහල්කඩ ප්‍රදේශයෙන් හරස් කර මෙම ජලාශය ඉදිකරයි. ඊට වර්ග කිලොමිටර 1500 ක ජල පෝෂක ප්‍රදේශයක් අයත් වේ. ඉදි කළ පසු ජල ධාරිතාව ඝන මීටර් මිලියන 169 කි.

වම් ඉවුර හා දකුණු ඉවුර ඇල වශයෙන් ඇල මාර්ග දෙකක් හරහා ජලය බෙදා හැරීමට සැලසුම් කර ඇත. එයින් හෙක්ටයාර 6000 ක වගා බිම් වලට ජලය සැපයේ. සෙත සැලසෙන පවුල් සංඛ්‍යාව 14000 කි.

මීට අමතරව සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 2000 ක් පමණ මෙම ජලාශ ව්‍යාපෘතිය යටතේ ලබාදීමට නියමිතයි. මෙට්‍රික් ටොන් 12000 ක වාර්ෂික මිරිදිය මත්‍ස්‍ය අස්වැන්නක් ද බලාපොරොත්තු වේ. පානීය ජල අවශ්‍යතාවට ද මෙම ජලාශයෙන් සපුරාගත හැකිය.

වාර්මාර්ග අමාත්‍යංශය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙහි සේවා යෝජකත්වය දරයි. චයිනා සී.ඒ.එම් .සී. ඉංජිනේරු සමාගම මගින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නියෝජ්‍ය කතානායකවරයා පත්කිරීම අද

Mohamed Dilsad

මනාප අංක ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

ජාතික ආණ්ඩු යෝජනාව දැමීම ඊළඟ සතියට කල් යයි

Mohamed Dilsad

Leave a Comment