ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

(UTV| කොළඹ) – තමා කිසි දිනෙක දේශපාලනයට නොපැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වන කුමාර් සංගක්කාර මහතා පවසයි.

ඔහු ඊයේ (12) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පසුගියදා මාධ්‍ය ඔස්සේ පැතිරුණු කට කතා අසා විවිධ පුද්ගලයින් තමන්ගේ මතයන් ඉදිරිපත් කළ බවත් ඒ මතයන් සියල්ලට තමා ගරු කරන බවද ඔහු ප්‍රකාශ සඳහන් කර ඇත.

නමුත් තමාට දේශපාලනයට පැමිණීම පිළිබඳ බලාපොරොත්තුවක් කිසිම දිනෙක නොතිබූ බවත් තමා කිසිම දිනෙක දේශපාලනයට නොපැමිණෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

ජනතා සේවය ඉතාමත් වැදගත් වගකීමක් බවත් විශ්වාසයෙන් සිදුකළ යුතු වගකීම් සහිත රාජකාරියක් බවද කුමාර් සංගක්කාර පවසයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු තමාගේ පළමු අරමුණ වූයේ තමාගේ පවුල සඳහා අවධානය යොමු කිරීම බවද ඔහු ප්‍රකාශ කරයි.

ඉදිරියට පරිත්‍යාගශීලීන් සමඟ එකතු වී සමාජ සේවා කටයුතු ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තුව බවත් දේශපාලඥයන්ගේ යහපත් වැඩ සඳහා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ ඇමති රිෂාර්ඩ්ගේ නිරීක්‍ෂණයට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය සිව් වන දිනටත් ඇරඹේ

Mohamed Dilsad

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස් මිය යයි

Mohamed Dilsad

Leave a Comment