ප්‍රමුඛ පුවත 1

සියළුම මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරන ලෙස ඉල්ලීමක්

(UTV| කොළඹ) – මගී බස්රථවල  රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සිය ප්‍රසාදය පළ කරයි.

රූපවාහිනි යන්ත්‍ර නිසා රියදුරුගෙ අවධානය වෙනතකට යොමු විම,  රූපවාහිනියේ ඇතැම් දර්ශන මගින් අපහසුතාවයකට පත්කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

මගී බස්රථවල  රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පළමුව අපගේ ස්තුතිය පුදකරන්නෙමු. 

2010 වසරේ “මහමග යන සැමට යහමග කියන මහමග ටී. වී.” යන තේමාව යටතේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළ වැඩපිලිවෙළක් යටතේ බස් රථ සඳහා රූපවහිනි යන්ත්‍ර සවිකළ ද ඉන් අපේක්ශිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූයේ නැත.

කෙසේ නමුත්, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් එම තීරණය ගෙන තිබුණේ නිති විරෝධී පසුබිමක සිටය. එනම්, මෙරට ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක් භාවිතා නොකරනු ලබන බස් සේවාවක් ලැබීමට මෙන්ම ගුවන් විදුලි යන්ත්‍රය වුවද ශබ්දය (උපරිම ශබ්ද මට්ටම ඩෙසිබල් 80) අවහිරයක් නොවන ලෙස පාවිච්චි කරනු ලබන බස් රථයක ගමන් ගැනීමට මගීයන්ට හිමි අයිතිය උල්ලංඝනය කරමිනි.

කෙසේ නමුත්, නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය විසින් මගී බස්රථවල  රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය තවදුරටත් පුළුල් විය යුතු බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ අදහසයි.

එසේම නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය විසින් ගෙන ඇති මෙම තීරණය, බස්නාහිර ඇතුලු අනෙකුත් පළාත් ප්‍රවාහන අධිකාරින් සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතු බව ද කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ අදහසයි.

එසේම මෙම ගැටළුව සම්බන්දයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමට ද කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය ලෙස අප බලපොරොත්තුවෙන් සිටිමු.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයි

Mohamed Dilsad

බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය 6 සිට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment