ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ගැන විධිමත් පරීක්‍ෂණයක්

(UTV| කොළඹ) – බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙහිදී නිලධාරීන් 100කට අධික පිරිසක් සම්බන්ධයෙන් පරීෂණ ආරම්භ කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශය පවසයි.

බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා හේතුවෙන්,පසුගිය කාලයේ සිදුකළ ස්ථාන මාරු වීම් ලද බන්ධනාගාර ඉහළ නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් 20 දෙනාගෙන් බහුතරයක් දුෂිත ක්‍රියාවලට සම්බන්ධ බවට ද හෙළි වී ඇත.

අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්. එම්. එම්. අධිකාරි මහත්මිය සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකර ඇතැයි පැවසෙන අයථා මුදල් ඉපැයීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරිමට පියවර ගන්නා බවයි.

මෙම අක්‍රමිකතවලට සම්බන්ධ බවට තොරතුරු හෙළි වි ඇති බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව පැමිණිලි කිරීමට අදාළව අවශ්‍ය වාර්තා සකස් කරමින් ඇති බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළා ය.

මේ අතර ඊයේ නිවිතිගල ප්‍රදේශයේ පැවති උත්වසයකට සහභාගී වූ  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පැවසුවේ කෙසේ හෝ බන්ධනාගාර වල සිදු කෙරෙන අක්‍රමිකතා,  මුදල් ජාවාරම් ,නතර කිරීමට පියවර ගන්න බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ බද්ද ඉවතට

Mohamed Dilsad

ඊළඟ මාස පහ තුළ රටේ සංවර්ධනයට කෝටි 8000ක් -මුදල් ඇමති කියයි

Mohamed Dilsad

2020 වසර සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීම අදින් ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment