ප්‍රමුඛ පුවත 1

අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම විවෘත කිරීම අද

(UTV|අනුරාධපුරය) – මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය විසින් සංරක්‍ෂණය කරන ලද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම හා අංක 17 ශෛලමය පොකුණ විවෘත කිරීම මෙන්ම ලෝවාමහාපාය පොහොයගෙය ප‍්‍රතිසංස්කරණය ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීමේ මහෝත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ( 14 )අනුරාධපුර මහාවිහාර පරිශ‍්‍රයේදී සිදුකෙරේ.

ඓතිහාසික ශ‍්‍රී මහා බෝධියේ ආරක්‍ෂාව උදෙසා කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේදී ඉදිකරන ලද මීටර් 397 ක් වට ප‍්‍රමාණයකින් යුත් ශෛලමය ප‍්‍රාකාරය කාලයාගේ ඇවෑමෙන් විනාශමුඛයට යමින් තිබූ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය මඟින් නිසි විද්‍යාත්මක මූලධර්මයන්ට අනුකූලව එය සංරක්‍ෂණය කරන ලදී.

මහාවිහාර පරිශ‍්‍රයේ පිහිටා ඇති තවත් ප‍්‍රධාන ස්මාරකයක් වූ ගිණි පොකුණ නමින් ජනප්‍රවාදයේ හඳුන්වන මීටර් 27 ක් දිගින් ද මීටර් 17 ක් පළලින් හා මීටර් 18 ක ගැඹුරින් යුතු ඉපැරණි ශෛලමය පොකුණ ද පුරාවිද්‍යාත්මක සංරක්‍ෂණ න්‍යායන්ට අනුව සංරක්‍ෂණය අවසන් කොට විවෘත කිරීමට නියමිත ය. එමෙන්ම දුටුගැමුණු රජු විසින් කරවන ලද ලෝවාමහාපාය (පොහොයගෙය) ප‍්‍රතිසංස්කරණය කිරීම උදෙසා මුල්ගල තැබීම ද එදින සිදුකෙරේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක කෙරෙන අනුරාධපුර මහාවිහාර පරිශ‍්‍රය සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු සැලැස්ම (2018- 2020) යටතේ රු. මිලියන 300 ක මූල්‍ය ප‍්‍රතිපාදන යොදවමින් ක‍්‍රියාවට නංවන මෙම සියලූ කාර්යයන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ උපදේශකත්වයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 අඩු වෙයි

Mohamed Dilsad

කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ට ජනපති දුන් පොරොන්දුව

Mohamed Dilsad

Leave a Comment