ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂට CIDයට කැඳවීමක්

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ලබන සිකුරාදා (17) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවිම සිදු කර ඇති බව පැවසේ.

පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී කීත් නොයාර් මහතාට දැනුම් දී තිබුණද ඔහු නොපැමිණීම නිසා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිළධාරීන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ කැන්බරා වෙත ගොස් කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිමට පසුගියදා කටයුතු කර තිබුණී.

2008 මැයි 22 දින රාත‍්‍රි කීත් නොයාර් මහතා පැහැගෙන ගොස් පහර දී වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණසේකර මහතා ඇතුළු හමුදා සාමාජිකයින් 08 දෙනෙක් සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

Mohamed Dilsad

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු එක් රැස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment