ප්‍රමුඛ පුවත 1

දකුණු ආසියානු කලාපීය 04 වන ප‍්‍රසම්පාදන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(උදයම්,කොළඹ)  – ශී‍්‍ර ලංකාවට මහත් කීර්තියක් අත්කරදෙන දකුණු ආසියානු කලාපීය 04 වන ප‍්‍රසම්පාදන සමුළුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ දී ආරම්භ කෙරිණි.

සමුළුව අද සිට 23 වනදා දක්වා කොළඹදි සහ මහනුවරදී පැවැත්වේ.

වසර 2011 දී නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ කෙරුණු ප‍්‍රසම්පාදන සමුළුව වසර 2014 දී පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර දී මුළු දුන්නේය. එයට පසුව වසර 2015 දී බංගලාදේශයේ ඩකා නුවර දී සමුළුව පවත්වා ඇත.

විද්‍යුත් ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයකට අප රට යොමු වීම වැදගත් බව අවබෝධ කරගත් රජය මෙහි 04 වන සමුළුව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට තීරණය කළ අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඉස්ලාමීක් බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව එක්ව මෙවර සමුළුව සංවිධානය කරයි.රටේ යහපත වෙනුවෙන් නව ආර්ථික සහ සමාජ පරිසරයක් ඇති කර ගැනීම සදහා පමණක් නොව තිරසාර සංවර්ධනයක් උදෙසා ද පැහැදිලි ප‍්‍රවේශයක් ඇති කර ගැනීම කෙරෙහි රජයේ ඇති කැපවීම මල් ඵල ගැන්වීමට මෙම සමුළුව මෙරට පැවැත්වීම ඉතා වැදගත් වනු ඇත.

වවිද්‍යුත් ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයකට රට යොමු කිරීමෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරනය වේගවත් හා කාර්යක්ෂම වන අතර විනිවිදභාවය වැඩිවී අල්ලසට හා දුෂණයට තිබෙන ඉඩ කඩ ද අවම වේ. ගෝලීය වශයෙන් ප‍්‍රසම්පාදනයේදී අප රට ළගා කර ගත යුතු ඉහළ තැන හිමි කර ගැනීමට කලාපීය රටවල අත්දැකීම් බෙදාහදා ගැනීම ද මෙම සමුළුව තුළින් අපේක්ෂා කෙරේ. සමුළුවේ සභාපතිත්වය දැරූ බංගලාදේශය මෙවර එය ශී‍්‍ර ලංකාව වෙත භාරදෙමින් හිටපු සභාපති Faruque Hossain මහතා විසින් නව සභාපති පී. අල්ගම මහතා වෙත සභාපතිත්වය භාර දෙනු ලැබීය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ ප‍්‍රධානී Issa Midi lde ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධක්ෂ Sri Widowati යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහ දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

වධක තනතුර සඳහා අයඳුම්පත් 8ක්

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට යාපනේදී ඇරඹේ

Mohamed Dilsad

මඩකලපුව විශ්ව විද්‍යාලයේ අවසන් වාර්තාව හෙට අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment