ක්‍රීඩා

SLC විස්සයි 20 හෙට ඇරඹේ

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘SLC T20 League’ අන්තර් පළාත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙට (21දා) ආරම්භ වීමට නියමිතය.

මෙම තරඟාවලිය සැප්තැම්බර් 2වැනිදා දක්වා කොළඹ ආර් ප්‍රේමදාස, රංගිරි දඹුලු හා මහනුවර පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් දිවා සහ රාත්‍රි තරග ලෙස පැවැත්වේ.

කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර ලෙස පළාත් කණ්ඩායම් 4ක් තරග වදින මෙම තරගාවලියේදී පිළිවෙළින් එම කණ්ඩායම්වල නායකත්වය දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, සුරංග ලක්මාල් සහ ඇන්ජිලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන්ට හිමිව ඇත.

තවද ලීග් තරග වටය අවසානයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සැප්තැම්බර් 2 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී.

ඒ අනුව මෙම තරගාවලියේ සමාරම්භක තරගය ලෙස කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරගය හෙට පස්වරු 2ට ආරම්භ වීමට නියමිත අතර පස්වරු 7ට මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය පැවැත්වේ. තවද දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගත් මහනුවර කණ්ඩායමේ සංචිතයට ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.

මෙහිදී ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 2ක තෑගි මුදලක් පිරිනැමෙන අතර අනුශූරයන්ට මිලියන 1.5ක මුදලක් පිරිනැමේ. රෝයි ඩයස් ගාල්ල කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් අවිශ්ක ගුණවර්ධන කොළඹ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරන අතර නුවර කණ්ඩායමේ පුහුණුකාරීත්වය පියල් විජේතුංග විසින්ද දඹුල්ල කණ්ඩායමේ පුහුණුකාරීත්වය සුමිත්‍ර වර්ණකුලසූරිය විසින්ද හොබවනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්තය හමුවේ ලැබූ පරාජය ගැන මිකී ආතර් කතා කරයි

Mohamed Dilsad

මැතිව්ස්ට කෝටි 4.5 ක ලංසුවක්

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment