ප්‍රමුඛ පුවත 1

කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන් දිරිමත් කිරීමට මහකන්නයේ සිට රු18000ක්

(UTV| කොළඹ) – කාබනික ගොවිතැනෙහි නිරතවන ගොවි ජනතාවට මෙතෙක් රජයන් විසින් ලබා නොදුන් සහන රැසක් ලබා දීමට වත්මන් රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රසායනික පොහොර භාවිතා කරමින් වගා කටයුතු වල නිරත වන ගොවීන්ට වී වගාව සඳහා යුරියා පොහොර රු. 500කටත්, සෙසු වගාවන් සඳහා රු. 1500කටත් පොහොර සහනාධාරයක් වශයෙන් ලබා දෙයි.

එහෙත් කාබනික වගාවේ යෙදෙන ගොවී ජනතාවට ඔවුන් දිරිගැන්වීම සඳහා කිසිදු සහනයක් මෙතෙක් පැවැති රජයන් විසින් ලබා දී නැත.

එමනිසා මීලග මහ කන්නයේ සිට කාබනික වගාවේ යෙදෙන මෙරට ගොවීන්ට රු. 18,000ක මුදලක් හෙක්ටෙයාර් එකකට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බවත් ඊට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට සකස් කර අවසන් බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) අගුනකොළපැලැස්ස යකාගල වෙල්යායේ පිහිටි අමාත්‍යවරයාගේ අක්කර තුනක කුඹුරේ කාබනික වී වගාවේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

කාබනික වගාව යටතේ වී වගා කරන ලද වලව කළාපයේ කුඹුරුවල වී අස්වනු නෙලීම ඊයේ (26) ආරම්භ කරනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් කියා සිටි අමාත්‍යවරයා සෑම කෙනෙකුටම කාබනික වගාවට දායකත්වය ලබා දිය නොහැකි වුවත් අධික ලෙස රසායනික පොහොර හා කෘමිනාශක ඉවක් බවත් නැතිව යෙදීම මඟින් මේ වන විට අපේ රටේ පස නිසරුවීමේ අවදානමකට රට මුහුණ පා සිටින බවයි.

දැනට අප රටේ කාබනික වී වගාවේ වගාකරුවන් 5000ක් නියැලී සිටිති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පාංශු පරීක්ෂා කිරීම් වල දී පැහැදිළිවම හෙළිදරව් වී තිබෙන්නේ අප රටේ බොහෝ ප්‍රදේශවල පසෙහි අවශ්‍ය තරම් පොස්පරස් හා පොටෑසියම් පවතින බවයි. එමනිසා අමුතුවෙන් වැඩිපුර රසායනික පොහොර යෙදීමෙන් පළක් නැත.

අවශ්‍ය වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන නිර්දේශ අනුව කාබනික පොහොර මෙන්ම රසායනික පොහොර ද යෙදීමයි.

කෙසේ වුවද ගොවීන් විසින් අධික ලෙස රසායනික පොහොර හා කෘඹිනාශක යෙදීම නිසා මේ වනවිට මිනිසුන්ගේ ජීවිතවල පැවැත්ම කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

එමනිසා පුජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ සෙමා ආයතනයේ නිලධාරින් කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පළ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

සීමා නිර්ණ ගැසට් නිවේදනයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

Mohamed Dilsad

දින16ට රුපියල් බිලියන 90 භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment