ප්‍රමුඛ පුවත 1

පාලන මිල නොතකා සහල් වික්ක වෙළෙඳුන් 52 කට වැඩ වැරදී

(උදයම්,කොළඹ)  – වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20) දිනයේ වැටලීම් 137ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යෙ රිෂාඩ් බදුයිදීන් මහතා කියා සිටියේ අහඹු ලෙස තෝරගාත් ස්ථානයන් හා සහල් වැඩිමිලට විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය මෙම වැටලීම් සිදු කල බවයි.

එලෙස කරන ලද වැටලීම් 137ක් අතරින් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක් හඳුනාගත් බවත්, එම පුද්ගලයන්ට හා ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම  වැටලීම් අතිරින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ කොළඹ දිස්ත්‍රීක්කයෙනි.එම සංඛ්‍යාව 13කි.

මහනුවර දිස්ත්‍රීක්කයෙන් වැටලීම් 12ක්, කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වැටලීම් 10ක්, අනුරාධපුර දිස්ත්‍රීක්කයේ වැටලීම් 08ක් හා වවුනියාව දිස්ත්‍රීක්කයේ වැටලීම් 07ක් හා පොළොන්නරුව හා කෑගල්ල දිස්ත්‍රීක්කයන්හි   වැටලීම් 06ක් බැගින් සිදුකර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Related posts

නාඳුනන පිරිසක් විසින් යාපනයේ වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

අර්ජුණ රණතුංග නිදහස් වෙයි…

Mohamed Dilsad

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment