ප්‍රමුඛ පුවත 1

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය අයෙකුට ලක්ෂයක වන්දි මුදලක්

(උදයම්,කොළඹ)  –  කළුතර, කටුකුරුන්ද මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අනතුරේදී තුවාල ලබා රෝහල් ගතවූ අයෙකු සඳහා රුපියල් විසි දහසක වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇත.
පසුගිය ඉරිදා සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තවදුරටත් කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.එසේම කුඩා ළමයින් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙක් තවමත් අතුරුදන්ව සිටිති.

Related posts

අද කොළඹට එන ‘ජනමහිමය’

Mohamed Dilsad

ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට රාජ්‍ය සේවක එකමුතුව විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment