ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතන ඇගයීමක් පාර්ලිමේන්තුවේදී

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන අද (05) පෙ.ව.10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සංවිධානය කරනු ලබන මෙම ඇගයීමේ වැඩසටහනින්, රාජ්‍ය ආයතන 837ක් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කර තිබේ.

මෙහිදී රාජ්‍ය ආයතන 40ක් සඳහා රන් කුසළාන ද ආයතන 21ක් සඳහා රිදී කුසළාන ද ආයතන 40 ක් සඳහා කුසළතා සහතික ද වශයෙන් රාජ්‍ය ආයතන 101ක් ඇගයීමට ලක් කරන බව වාර්තා වෙයි.

2016 වර්ෂයේ ගිණුම් කටයුතු සම්බන්ධයෙන් වියදම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙම ඇගයීම් සිදු කර ඇති බව ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

කොළඹ වායු දූෂණ තත්ත්වය ලබන සතියේ දී ඉහළ යයි

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment