ක්‍රීඩා

ශ්‍රී ලංකා සංචාරයෙන් බෝඩ් ඉවත් කළේ ඇයි?

(UTV| කොළඹ) – ලබන ඔක්තොම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තය සිය ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බෝඩ් එක් කර නොගැනිමට තීරණය කරයි.

එරට ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් වන telegraph.co.uk වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ.

තරඟ 03 කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණයන්හි තණතිලි දඟ පන්දු යවන්නන්ට බෙහෙවින් හිතකර හෙයින් එරට ක්‍රිකට් තේරිම් කමීටුව මෙම තීරණය ගනු ඇති බවද එමගින් වාර්තා වී ඇත.

ඒ අනුව බොහෝ දුරට මොයින් අලී, ආදීල් රෂිඩ්, ජැක් ලෙස්ච් හා ඩොම් බේස් යන දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකා සංචාරය සඳහා එක් කර ගැනිමට එංගලන්ත තේරිම් කමීටුව අවධානය යොමු කර ඇති බව එම වෙබි අඩවිය වාර්තා කර තිබේ.

ස්ටුවර්ට් බෝඩ්ට ටෙස්ට් වරම් දිනාගත් දින සිට වසර 11 ක කාලයක් අඛණ්ඩව කණ්ඩායම නියෝජනය කර තිබේ.

එසේම එරට ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග මත ලබන මස නියමීත මෙරට තරග සංචාරයට එක්විය හැකි යැයි පැවසෙන නිල නොවන එංගලන්ත සංචිතයද එම වෙබි අඩවිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එක්විය හැකි සංචිතය.

කීටන් ජෙනිංස් ,රොරි බර්න්ස්,ජෝ ඩෙනී,ජෝ රූට්,ජොනි බ්‍රිස්ට්‍රොව්,ජොස් බට්ලර්,ඔලී පුප්,මොයින් අලී, ක්‍රිස් වොකර්ස්,සැම් කරන්, ආදීල් රෂිඩ්, ජැක් ලෙස්ච්,ඩොම් බේස්, ජේම්ස් ඇන්ඩර්සන්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සන්රයිසස් හයිද්‍රාබාද් IPL දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරඟයට

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව ශ්‍රීලංකාවට වඩා 170 ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment