ව්‍යාපාරික

ක‍්‍රිස්බ්‍රෝ මෙහෙයුම් තවදුරටත් පුඵල් කරමින් නව අලෙවි හා අලෙවිකරණ කාර්යාලයක් කොළඹට

(UTV| කොළඹ) –  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ කුකුඵ නිෂ්පාදන සමාගමක් වන ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය, තම සේවා තවදුරටත් පුඵල් කිරීමේ වැඩසටහනට අනුව නව අලෙවි සහ අලෙවිකරණ කාර් යාලය පසුගියදා සුභ මොහොතින් විවෘත කෙරුණි.

අති නවීන තාක්‍ෂණයෙන් සහ පහසුකම් වලින් සමන්විත නවීනතම ශීතාගාරයක් ද මෙම ගොඩනැගිල්ලේ බිම් මහලේ ඉදිකර තිබේ.

ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන බස්නාහිර පලාතේ පිහිටි සුපරි වෙළෙද සැල්, සංචාරක හෝටල් හා ආපනශාලා සදහා පහසුවෙන් ප‍්‍රවාහනය කිරීමට උපායමාකව වැදගත් වනවා මෙන්ම අනිකුත් පලාත්වල සේවා වැඩිදියුණු කිරීමට හැකිවන පරිදි, දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හුවමාරුවට ආසන්නව පැරණි අවිස්සාවේල්ල මාර්ගයේ වැලිවිට ප‍්‍රදේශයේ මෙම කාර්යාලය ඉදිකර ඇති බැවින් පාරිභෝගිකයන් හට ඉහල සේවාවක් සැපයීමට හැකි වනු ඇත.

නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව පසුගියදා ඉතා උත්කර්ශවත් ලෙස පැවති අතර ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්‍ෂ මොහොමඞ් ඉම්ටියාස් මහතා විසින් එය සුභ මොහොතින් විවෘත කරනු ලැබුවේය. එම අවස්ථාවට සේවක මණ්ඩලයේ සමාජික සමාජිකාවන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.

එහිදි අදහස් දැක් වු මොහොමඞ් ඉම්ටියාස් මහතා කියා සිටියේ ඉලක්කයක් සහ  අධිෂ්ඨානයක්  ඇත්නම්  ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවයි. ගම්පොළ කේන්ද්‍ර කරගනිමින් මීට වසර 46 කට පෙර ඉතා කුඩාවට ආරම්භ කල ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වන විට ශ‍්‍රී ලංකාවේ දැවැන්තම සමාගම් සමූහයක් බවට පත්වී ඇති අතර ඉදිරියේ දී ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙදපල ජයගන්නා බව ද ඔහු අවධාරණය කළේය. සාර්ථකත්වයට එකම සාධකය සියලූම පාර්ශවකරුවන් සම`ග නිහතමානීව කටයුතු කිරීම බව ඉම්ටියාස් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බ්‍රෝ එතැන් පටන් වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම් බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් ගොවිපොළ, රක්වානාගාරයක්, කුකුඵ මස් නිෂ්පාදනාගාරයක් සහ කුකුළු ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියක් ඇතුළු පුළුල් පරාසයක ක‍්‍රිස්බ්‍රෝ හි අතු පතර විහිද පවතී. ‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන දැක්ම ක‍්‍රිස්බ්‍රෝ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වාහන ආනයනය තහනම ඉවත් කරයි.

Editor O

ටැක්සි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට පෙර නොවූ විරූ වාසි රැසක් සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන One Touch ජංගම දුරකථන යෙදවුම.

Mohamed Dilsad

2023-24 මහ කන්නයේ, වගා හානි වූ බිම් ප්‍රමාණය අක්කර 100,000 ඉක්මවයි. ● වන්දි ගෙවීමට රුපියල් බිලියන 02ක්

Editor O

Leave a Comment