ප්‍රමුඛ පුවත 1

ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප – විදෙස් ගමන් තහනම්

(UTV| කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනකුට  අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු  ලැබීය.

ඒ ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගනිමිනි.

එහිදී රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා  ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.

නමුත් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම  නියෝගය නිකුත් කළේය.

එම නඩුව යලි ඔක්තෝබර් 9 වැනි දා කැඳවිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල වෙනස් වෙයිද?

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Mohamed Dilsad

අල්ලස් කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment