ප්‍රමුඛ පුවත 1

විභාග සමත්වීම සේම ජීවිතය සමත්වීම පිළිබඳ දැනුම විෂය මාලාවට ඇතුළත්විය යුතුයි – ජනපති

(UTV|හම්බන්තොට) – විභාග සමත්වීම සේම ජීවිතය සමත්වීම පිළිබඳ දැනුම ද අධ්‍යාපන විෂය මාලාවට කඩිනමින් ඇතුළත්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ හම්බන්තොට කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ එක්වෙමිනි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන කැඳවාගෙන යනු ලැබීය.
අනතුරුව නව තාක්ෂණ විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිදහස් අධ්‍යාපනයෙන් මේ තරම් උගතුන් බිහිවන රටක සිසුන්ගේ ජීවිත සමත්වීම පිළිබඳ පවතින්නේ ඉතා ඛේදජනක තත්ත්වයක් බවයි.

විශ්වවිද්‍යාල දරුවන් මුහුණදෙන ඉතා නින්දනීය හිරිහැර වැළැක්වීම පිළිබඳ උගතුන් පෙරමුණ ගත යුතු බව පැවසු ජනාධිපතිතුමා, දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ දරුවන් විභාග සමත්කරවීම මෙන්ම ජීවිතය සමත්කරවීම සඳහා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තව බොහෝ වෙනස්කම් සිදුකළ යුතුව ඇති බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර, එච්.ඩබ්. ගුණසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින අවට තරංගාකාර කැළඹිලි ස්වභාවයක්

Mohamed Dilsad

දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් බඳවා ගැනේ

Mohamed Dilsad

පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු තනතුරු නම් සංශෝධනයට [video]

Mohamed Dilsad

Leave a Comment