ප්‍රමුඛ පුවත 1

පොලිස් අණ නොකතා පළා ගිය තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|කුරුණෑගල) – කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලද තොරතුරක් මත පොලීසිය මතද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඊයේ(12) පස්වරුවේ කළ වැටලීමක් අතරතුර අණ නොතකා ධාවනය කළ වෑන් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ඔවුන් ලුහු බඳින අවස්ථාවේ සැකකරුවන් වෑන් රථය දමා පළා ගොස් ඇත.

එක් අයෙකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණි.

තුවාල ලබා ඇත්තේ හෙරෝයින් ජාවාරම්කරුවෙකි.

පළා ගිය තවත් සැකකරුවෙකු සොයා පරීක්ෂණ පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනපති අතින්

Mohamed Dilsad

නව අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙති

Mohamed Dilsad

සති 02ක් තුළ බැඳුම්කර වංචාවේ සිංහල – දමිළ පිටපත් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment