(UTV| කොළඹ) – ජාතික සිරකරු සැමරුම් දිනය අදයි.
මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වන අතර ඒ අතුරින් 11,000ක්ම රිමාන්ඩ් සැකකරුවන් වේ.
ඔවුන් බන්ධනාගාර 30ක රඳවා සිටිති.
ඒ හේතුවෙන් අද දිනය පුරා සිරකරුවන් හමුවීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා සඳහන් කළේය.
එසේම ඔවුන්ට ආහාර පාන ලබා දීමට ද ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර කොමිසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]