ප්‍රමුඛ පුවත 1

ඌව සහ නැගෙනහිර පළාත් වලට වැසි

(UTV| කොළඹ) – ඌව සහ නැගෙනහිර පළාත්වලත් තවත් දිස්ත්‍රික්ක කිහිපයකටත් අද(15) සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නුවරඑළිය, රත්නපුර, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මෙලෙස වැසි බලාපොරොත්තු විය හැකි බව වාර්තා වෙයි.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, අකුණු අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ අංශය උපදෙස් ලබා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අකිල රාත්‍රියේම ජනපති කොමිසමට යයි

Mohamed Dilsad

මෙරටින් නව ආසාදිතයන් 12 දෙනෙකු සොයා ගැනේ [UPDATE]

Mohamed Dilsad

සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment