ප්‍රමුඛ පුවත 1

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඇමති රිෂාඩ්ගේ අවධානය

(UTV| කොළඹ) – බේකරි හිමියන්ට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ, වොක්ෂෝල් වීදිය අමාත්‍යාංශ කාර්යාලයේ දී අද (19) පැවැත්විණි.

තිරිඟු පිටි, ඇතුළු අමුද්‍රව්‍ය ලබාගැනීමේ දී තිබෙන ගැටලු සහ බේකරි නිෂ්පාදනවල නිසි ප්‍රමිතිය, මිල, සම්බන්ධයෙන් වූ ⁣තිබෙන ගැටලු එහිදී අමාත්‍යවරයාගේ අවධානයට ලක් කෙරිණි.

පාරිභෝගිකයින්ට ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක නිෂ්පාදන ලබාදීමට බේකරි නිෂ්පාදකයන් සැමවිටම කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.

තිරිඟු පිටි මිල සහ පාන් මිල පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරුණ අතර, තිරිඟු පි⁣ටි මිල රුපියල් 5කින් අඩු කිරීම ට වහාම පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ඒ අනුව පාන්ගෙඩියක මිලද එයට සාපේක්ෂව පහළ දමන ලෙස බදියුදීන් අමාත්‍යවරයා, බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කළේය. තිරිඟු පිටි මිල පහළ දැමීමත් සමග, ඕනෑම විටක පාන් මිල අඩුකරන බවට බේකරි හිමියන් ⁣සඳහන් කෙළේය.

මෙම සාකච්ඡාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග, පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ෆවුසර් ඩීන් යන මහත්ම මහත්මීන් ඇතුලු ඉහළ නිලධාරීන් සහ සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන ඇතුළු සමාජිකයන් පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංකට දඩ මුදල් ගෙවීමට මුදල් එකතු කළ යුතු නැහැ [VIDEO]

Mohamed Dilsad

ගුවන්තොටුපලේ ගබඩාවක ගින්නක්

Mohamed Dilsad

ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment