ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප නව සංවිධායකවරුන්ට පත්වීම්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් හා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පිරිසකට ඊයේ(21) පත්වීම් ලබාදී තිබේ.

ඒ අනුව දයාසිරි ජයසේකර මහතා පත් කර ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපති සහ පන්නල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරයා ලෙසයි.

නව පත්වීම් අනුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයට පත්කර තිබේ.

පළාත් අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ සහ ජී.එච් බුද්ධදාස යන මහත්වරුන් පත්කර ඇත්තේ කඩුවෙල ආසනයේ සමසංවිධායකවරුන් ලෙසිනි.

සුමිතා ප්‍රියංගනී අබේධීර මහත්මිය මතුගම ආසනයේ මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය භාර සමසංවිධායකවරිය ලෙසත් සුරංග හිදැල්ලාරච්චි මහතා මතුගම ආසනයේ දොඩංගොඩ ප්‍රාදේශීය බල ප්‍රදේශය භාර සමසංවිධායකවරයා සහ දොඩංගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරයා ලෙසත් පත් කර ඇත.

අමිල හර්ෂණ මහතා පත්කර ඇත්තේ, බෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායක ලෙස හා බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සමසභාපතිවරයා ලෙසයි.

කරන්දෙණිය ආසනයේ සංවිධායක ලෙස හා එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙස සුසන්ත ලාල් ජයවීර මහතා පත්කර කෙරිණි.

තිසර ගුණසිංහ මහතා පත්කර ඇත්තේ, හබරාදුව ආසනයේ සංවිධායක ලෙස හා එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙසයි.

නව පත්වීම් අනුව අතුල කුමාර රාහුබද්ද මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා සහ රත්නපුර ආසනයට අයත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙසත් වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා යාපහුව ආසනයේ සංවිධායකවරයා ලෙසත් පත්වීම් ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපතිධූරයට පත්කර ඇති අතර පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපතිවරයායි.

පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම ප්‍රදේශීය සභාවේ සම්බන්ධීකරණ කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ඒ. එච්. එම්. තාහිර් මහතායි

සුසිල් ප්‍රේම්ජයන්ත, ඩබ්ලිව්. ඩී. ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ටී. බී. ඒකනායක සහ ගුණරත්න වීරකෝන් යන මහත්වරුන් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධූර සඳහා මෙම පත්වීම් සිදු කර කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැස්බෑවන් 32 දෙනෙකුව නාවික හමුදාව බේරා ගනී [VIDEO]

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජය පොහොට්ටුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම අවසන් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment