ප්‍රමුඛ පුවත 1

දුම්රිය අනතුරු ඉහළ යයි

(UTV| කොළඹ) – දුම්රිය අනතුරු වාර්තා වීම ඉහළ යමින් පවතින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

2018 වසරේ මේ දක්වා කාලය තුළ දුම්රියවල ගැටීමෙන් 241 දෙනෙකු මිය ගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

නවතම සංඛ්‍යාලේඛන අනුව හෙළිව ඇත්තේ දින තුනකට වරක් දුම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයෙකු මිය යන බවයි.

වාර්තා වන දුම්රිය අනතුරු සම්බන්ධයෙන් සහ එම තත්ත්වයන් පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳව විධිමත් අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිය, පාසල් විෂය පථයට – අධිකරණ ඇමති

Mohamed Dilsad

පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට

Mohamed Dilsad

අධිකරණයට නොගිය පුද්ගලයන් රැළිවලට යාපනයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment