ප්‍රමුඛ පුවත 1

කොරියා සමුහ දුෂණයට සම්බන්ධ තරුණයින් ගැන අධිකරණ තීන්දුවක්

(UTV| කොළඹ) – කොරියාවේදී තරුණියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් තිදෙනාට විදේශ ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද(05) ප්‍රතික්ෂේප කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පවසා සිටියේ මෙම සිද්ධිය විදෙස් රටක සිදුව ඇති බැවින්, තම අධිකරණයට විදෙස් ගමන් තහනමක් පැනවිය නොහැකි බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනා දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බවට හෙළිව ඇත.

1998 වසරේ දී කොරියාවේ තේගු ප්‍රදේශයේ ගුමා අධිවේගී මාර්ගයේ වයස අවුරුදු 18ක තරුණියක් ඝාතනය කර දමා තිබිය දී සිරුර සොයා ගැනුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මෙයට සම්බන්ධ බවයි. ඒ අනූව, කොරියානු රජයෙන් කළ රාජතාන්ත්‍රික ඉල්ලීමකට අනූව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගංවතුර ආපදා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ට වාරණ නියෝගයක්

Editor O

නාඩු සහ සම්බා සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment