(UTV| කොළඹ) – ආරම්භ පිතිකරුවන් සිව්දෙනෙක් සිටින බවත් ඉන් හොඳම දෙදෙනාව අද(10) තරඟය සඳහා යොදා ගන්න බව,ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
අද (10) දඹුල්ලේදි පැවැත්විමට නියමීත පළමු එක්දින තරගයට (දිවා/රාත්‍රී) පෙර පැවති මාධ්‍ය හමුවේදි ඔහු මේ බව පැවසීය.
‘‘අපිට හොඳ ආරම්භක පිතිකරුවන් හතර දෙනෙක්ම ඉන්නවා. ඒ අයගෙන් හොඳම දෙදෙනාව තරඟයට යොදා ගන්නවා. ඕනෑම කණ්ඩායමක පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ දක්‍ෂතාවන් තමන්ට පාලනය කර ගැනීමට අපහසු වෙන්න පුළුවන්. ඒත් පන්දු රැකීම පාලනය කරගන්න තමන්ට හැකියාව තියෙනවා. පසුගිය කාලයේ අපේ කණ්ඩායමේ දුර්වලම අංශය පන්දු රැකීමයි. ඒ නිසා එම වැරැද්ද මඟහරවා ගන්න මේ තරගාවලියේදී පන්දු රැකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නෙ. මමත් මුලදී ප‍්‍රවේගකාරී පිතිකරුවෙක්. නමුත් පසුව වගකීම් පැවැරෙන විට ඒ තත්ත්වය වෙනස් වෙන්න ඇති. දැන් පුහුණුකරුවන් සමග කතාකරගත් පරිදි නැවතත් වේගවත් පිතිකරණයක යෙදිලා වඩාත් සාර්ථක පිතිකරුවෙක් වෙන්න මම උත්සාහ කරනවා”.
එසේම ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කළ හේතුව සම්බන්ධයෙන් සහ සංචාරක එංගලන්ත කණ්ඩායම පිළිබඳවද ඔහු මෙහිදි අදහස් ප්‍රකාශ කළේය.
‘හැමෝම දන්නවා ඇන්ජලෝ මැතිව්ස් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමට අවශ්‍යම ක‍්‍රීඩකයෙක් කියලා. නමුත් ශාරීරික යෝග්‍යතාව ප‍්‍රශ්නයක් නිසා තමයි ඔහුට ස්ථානය අහිමි වෙලා තියෙන්නෙ. කොහොම වුණත් එංගලන්ත කණ්ඩායම ලෝකයේ අංක එකේ කණ්ඩායම බව අපි දන්නවා. ඕනෑම තැනක තත්ත්වය අනුව ක‍්‍රීඩා කරන්න පුළුවන් ක‍්‍රීඩකයන් එංගලන්ත පිල සතුව හිටියත් අපේ දඟ පන්දු යවන්නන් ඔවුන්ට ලොකු අභියෝගයක් වේවි. ඔවුන්ගේ අදිල් රෂිඞ් සහ මොයින් අලී යන දඟ පන්දු යවන්නන් දෙදෙනාත් අපිට අභියෝගයක් වේවි.’’
ශ‍්‍රී ලංකා සංචිතය..
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, සධීර සමරවික‍්‍රම, දසුන් ශානක, ලසිත් මාලිංග, අමිල අපොන්සු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, නුවන් ප‍්‍රදීප්, ලක්ෂාන් සඳකැන්
එංගලන්ත සංචිතය..
ජෝ රූට් (නායක), මොයින් අලී, ජේම්ස් ඇන්ඩ‍්‍රසන්, ජොනී බෙයාස්ටෝ, ස්ටුවර්ට් බ්‍රෝඞ්, රොරි බෲන්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ජෝයි ඩෙන්ලි, කේටන් ජෙනින්ග්, ජැක් ලීච්, ඔලී පොප්, අදිල් රෂීඞ්, බෙන් ස්ටොක්ස්, ඔලී ස්ටෝන්, ක‍්‍රිස් වෝක්ස්
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]