ප්‍රමුඛ පුවත 1

පිදුරංගල සිද්ධියට අදාළ තරුණයින් නිදහස්

(UTV|දඹුල්ල) – පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයින් තිදෙනා නිදහස් කිරිමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

සිද්ධියේ පළමු විත්තිකරු වූ පාසල් සිසුවාට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 1500 බැගින් වූ රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියෝග කර අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණි.

පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් පසුගිය 26 වැනිදා මොවුන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු සකස් කර අවසන්

Mohamed Dilsad

කථානායකවරයා නරේන්ද්‍ර මෝදි මුණගැසෙයි

Mohamed Dilsad

අද හෙට සහ අනිද්දා ගැන ඇමෙරිකාව අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment