ප්‍රමුඛ පුවත 1

අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කෙරේ.

(UTV| කොළඹ) – අලිමිනිස් ගැටළුවට පිළියමක් ලෙස විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා ප්‍රමාණයක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී අලිමිනිස් ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරය පිළිතුරු ලබාදෙමින් අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 80ක් ද වන අල් 280ක් දමිය ගොස් ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.කිලෝමීටර 4300ක් වූ විදුලි වැට දුර ප්‍රමාණය කිලෝමීටර 7000 දක්වා දීර්ඝ කිරීමට ක්‍රියා කර ඇත.

පීඩාකරි වන අලින් පුනරුත්ථාපනය කිරීම සඳහා රැදවුම් මධ්‍යස්ථානයක් හොරව්පොතාන ප්‍රදේශයේ පිහිටුවා  තිබේ. තවත් රැදවුම් මධ්‍යස්ථානයක් ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පිටුවීමට ක්‍රියා කෙරෙන බවද අග්‍රමාත්‍යවරයා
පැවසී ය.

නිකුත් කරනලද අලිවෙඩි ප්‍රමාණය සියයට 50%කින් ඉහළ නංවා ඇත. එමෙන් ම ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක භටයින් 1675ක් අනුයුක්ත කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්තලම – මන්නාරම,එළුවන්කුලම ප්‍රදේශය තාවකාලිකව වසයි

Mohamed Dilsad

මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම පිළිබඳව උපදෙස් [PHOTO]

Mohamed Dilsad

Leave a Comment