ක්‍රීඩා

එංගලන්ත සංචිතයේ වෙනසක්

(UTV| කොළඹ) – ඉදිරි විස්සයි 20 තරඟය සඳහා, සංචාරක එංගලන්ත කණ්ඩායමේ සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් ජොර්ඩන් එක් කිරිමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන 27 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.

එක්දින තරගාවලිය සඳහා මෙවන විට ශ්‍රී ලංකාවට පැමීණ සිටින එංගලන්ත ක්‍රීඩකයින්ගෙන් විස්සයි -20 තරඟය සඳහා සංචිතය නම් කෙරෙන අතර ඊට අමතරව මෙම කැඳවිම කර ඇති බව පැවසේ.

හෙතෙම එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර අවසන් වරට 2016 (එංගලන්තයේ) පැවති තරගයේදි ලකුණූ 29 කට කඩුළු 03 ක් දවා ගනිමීන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණූ 140 කට සීමා කරමීන් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායක විය.

ඔහු එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි – 20 තරඟ 34 කට සහභාගි වීලකුණු 116 ක් රැස් කර ඇති අතර කඩුළු 38 ක් දවා ගැනිමට සමත්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරඟය ලකුණු 32කින් ශ්‍රී ලංකාව ජයගනී

Editor O

ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් ලකුණු 494යි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment