ප්‍රමුඛ පුවත 1

ඇලෝසියස්ගේ හා කසුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය විසින් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කරයි.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මණ්ඩලය විසිනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කියා සිටියේ මෙම සැකකරුවන්ට ඇප දීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග දෙකක් ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි කියා සිටියේය.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සිය ඇප ඉල්ලීම් වලින් අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තමන්ව සැකපිට අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කළ බවයි.

තමන්ට එරෙහිව රහස් පොලිසිය විසින් පොදුදේපල පනත යටතේ කරුණු වාර්තා කර ඇති බව සඳහන් කරන පෙත්සම්කරුවන් මේ හේතුවෙන් තමන්ව ඇපමත මුදා හැරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

එහෙත් රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර වාර්තා මඟින් පොදුදේපල පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බවත් මේ හේතුවෙන් තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය මෙන්ම කොළඹ මහාධිකරණය මඟින් දී ඇති තීන්දු ද නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් කියා සිටියේය.

මේ හේතුවෙන් තමන්ට ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරිය මෙන්ම කොළඹ මහාධිකරණය විසින් ලබා දී ඇති තීන්දු දෙකක් ප්‍රතිශෝධනය කර තමන්ම ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන අභියාචනාධිකරණය වෙලා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කුඩු ජාවාරම්කරුගේ දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08කගේ අංක

Mohamed Dilsad

උත්සව සමයේදී සහල් සඳහා උපරිම මිලක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment