ප්‍රමුඛ පුවත 1

චාමර සම්පත්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 25 සලකා බැලීමට සුදානම්

(UTV| කොළඹ) – තමාට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 25වනදා සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අදාළ පෙත්සම අද(11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබේ.

එහිදී අධිකරණය සඳහන් කළේ එය කරුණු තහවුරු කිරීම සඳහා ලබන 25 වනදා විවෘත අධිකරණයේ කැඳවන  බවයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන හෙයින් ඔවුන් වෙනුවෙන් අද දින පෞද්ගලික නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පෙත්සම්කාර විදුහල්පතිනිය අධිකරණය හමුවේ කියා සිටියේ, සිය ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තමන්ව කැඳවා දණගස්වා අමානුශික ආකාරයෙන් බැණ වැදුණු බවයි.

ඒ තුළින් ප්‍රධාන අමාත්‍යවරයා සිය මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද එම විදුහල්පතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද පැමිණිලි භාර ගැනීමට ඒකකයක්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනාවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි – ආසාදිතයින් එක්ලක්ෂ 69,415

Mohamed Dilsad

වෙල් මාළු ප්‍රචලිත කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment