ප්‍රමුඛ පුවත 1

හෙට සිට ත්‍රීරෝද ගාස්තුද නගී

(UTV| කොළඹ) – ඉන්ධන මිල සංශෝධනයෙන් පෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12) සිට ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ අනුව බස්නාහිර පළාත් තුළ රුපියල් 40ක්ව පැවතින දෙවැනි කිලෝමීටරයේ සිට අය කිරීම රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවත් එහෙත් පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල වෙනස් නොකරන බවද හෙතෙම පැවසීය.

මධ්‍යම කඳුකරය ඇතුළු කඳුකර ප්‍රදේශවල පළමු කිලෝ මීටරයට අයකළ රුපියල් 60 ක මුදල 80 දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට අයකළ ගාස්තුව රුපියල් 50 සිට 60 දක්වාත් ඉහළ දමන බව සභාපතිවරයා පැවැසීය.

සෙසු ප්‍රදේශ සඳහා අයකරන මුදල පසුව ප්‍රකාශ කරන බවද එ මහතා වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්බුදය විසඳන තීරණාත්මක තීන්දුව අද

Mohamed Dilsad

යාපනය බන්ධනාගාර රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment