ප්‍රමුඛ පුවත 1

දුමින්ද සිල්වාගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

(UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළේය.

ඒ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවකු ලෙස තීරණය කර කොළඹ මහාධිකරණය  2016 සැප්තැම්බර් 08දා හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණීය දණ්ඩණය නියම කළ අතර ඊට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල අද සලකා බැලීමෙන් අනතුරුවය මෙලෙස එම ඉල්ලීම ප්‍රතික්ශේප කර තිබේ.

දුමින්ද සිල්වා,චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, අනුර තුෂාර ද මැල් සහ සරත් බණ්ඩාර යන සිව් දෙනා මෙසේ අභියාචනා ඉදිරිපත්කර තිබුණා. අද (11) ලබාදුන් නඩු තීන්දුවෙන් මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම්කර සිටි පොලිස් කොස්තාපල් අනුර තුෂාර ද මැල් නිදොස් කොට නිදහස් කිරීමටද තීන්දු කර ඇත.

2016 සැප්තැම්බර් 08දා නඩු තීන්දුව දුන් අවස්ථාවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න තීන්දුව දෙමින් කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් විත්තිකරුවන් 11 දෙනා නිදොස් කොට නිදහස් කරන බවය.

විනිසුරු මඬුල්ලේ පද්මිණි.එන්.රණවක සහ එම්.කේ.ඩි. මොරායස් යන බහුතර විනිසුරුවරු මෙම දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු චෝදනා වලට වරදකරු කරන බවයි කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුණ පරපුරගේ උසස් අධ්‍යාපන පිළිබඳව සැලකිලිමත් – ගෝඨාභය [VIDEO]

Mohamed Dilsad

ගම්මිරිස් ආනයනය කිරීම නවතා දමයි…

Mohamed Dilsad

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment