ප්‍රමුඛ පුවත 1

නව අගවිනිසුරු කවුද?

(UTV| කොළඹ) – අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ය.

ඒ අනුව නව අගවිනිසුරුවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාට ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමරන් යන මහත්වරුන් පත් කෙරිණි.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියත්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්ෂ මහතාත් ව්‍යවස්ථා සභාවට පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පත් කර ඇත්තේ සුළු පක්ෂ නියෝජිතයා ලෙස ය.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මීට පෙර යෝජනා කෙරිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීම සඳහා මෘදුකාංගයක්

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට ආවේ ඇයි?

Mohamed Dilsad

කාර්ගීල්ස් සමාගමේ නව කිරි නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment