විදෙස්

මයිකල් චන්ඩමාරුතයෙන් ඇමෙරිකාවට විශාල හානියක්

(UTV|ඇමෙරිකාව) –  මයිකල් චන්ඩමාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

පැයට කිලෝමීටර් 250 ක වේගයකින් කඩා වැදුණු මයිකල් චන්ඩමාරුතය ජීවිත 6ක් බිලි ගෙන ඇති බව වාර්තාවේ.

මෙම සුළිකුණාටුව මධ්‍යම ඇමෙරිකාව හරහා  ඇමරිකාවට පැමිණි අතර මධ්‍යම ඇමෙරිකානු රටවල ජීවිත 13 ක් බිළි ගත්තේය.

සුළි සුළග නිසා ෆ්ලොරිඩා, ඇලබාමා, කැරොලයිනා සහ ජෝර්ජියා ප්‍රාන්තවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසකට විදුලිය ඇණ හිට  ඇති අතර තුන්ලක්ෂ 70,000 කට වැඩි පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් ලබාදී ඇත.

6000 කට අධික සංඛ්‍යාවක් තාවකාලික කදවුරුවල රදවා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඔස්ට්‍රේලියාවට ගිය වියට්නාම සංක්‍රමණිකයන් යළි වියට්නාමය බලා නැවත පිටත් කර යැවෙයි

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව‍ හෙළිවේ

Mohamed Dilsad

ඇමෙරිකාවේ සංක්‍රමණික නීති වෙනස් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment